විදේශයන්හි සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

නොවැ 18, 2020

    අද උදෑසන ඩුබායි සිට පුද්ගලයින් 289 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ. දෝහා කටාර් සිට එක් පුද්ග‍ලයෙක් හා මුම්බායි සිට පුද්ගලයින් 7ක් මෙරටට පැමිණ ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    අද (18) දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33කින් පුද්ගලයින් 3,223ක් නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 8,743ක් සිදුකර ඇත.

    Latest News