අවු.20ට වැඩි බූස්ටර් එන්නත් ලබාදීමේ තවත් අදියරක් (වීඩියෝ)

නොවැ 20, 2021
  • අවුරුදු 20ට ඉහළ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා විදින සංකූලතා සහිත පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම අද (20) සිට ආරම්භ කිරීමට නියමිතයි.

    දෙවැනි කොවිඩ් මර්දන මාත්‍රාව ලබාගෙන මාසයක් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සඳහා එම මාත්‍රාව ලබාදීම රෝහල් සහ සායන හරහා සිදුකළ යුතු බවයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.

    ඒ යටතේ, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට, නිදන්ගත වකුගඩු රෝගීන්ට, ඇට මිඳුළු බද්ද කිරීම්වලට ලක්වු අයට, පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට හෝ අනෙකුත් විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එම එන්නත් මාත්‍රාව ලබාගත හැකියි.

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 21:08

    Latest News