බූස්ටර් එන්නත ලබාගත් පිරිස විසිපන් ලක්ෂය ඉක්මවයි

දෙසැ 20, 2021

    කොරෝනා මර්දන වැඩසටහන යටතේ ඊයේ දිනයේ තවත් පුද්ගලයින් 63,560 දෙනෙකුට බූස්ටර් එන්නත ලබාදී තිබේ. ඒ අනූව බූස්ටර් එන්නත ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව විසි පන් ලක්ෂ 5,477 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ වන විට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයින් එක් කෝටි පනස් නව ලක්ෂ 68,147 දෙනෙකු ලබාගෙන තිබේ. ඉන් පුද්ගලයින් එක් කෝටි තිස් අට ලක්ෂ 10,482 දෙනෙකු එහි දෙවැනි මාත්‍රාව ද ලබාගෙන අවසන්.

    අද දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.

    දෙවැනි මාත්‍රාව ලබාගෙන මේ වන විට මාස 03 ක් ඉක්මවූ මෙතෙක් බූස්ටර් එන්නත ලබානොගත් පුද්ගලයින්ට එම එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

    Latest News