අවු.60 වැඩි අයට බූස්ටර් එන්නත හෙට සිට

නොවැ 16, 2021

    වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට 'කොවිඩ්-19' බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු හෙට (17) සිට ඇරඹේ. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි.

    බස්නාහිර සහ දකුණු පළාත, අනුරාධපුරය, අම්පාර යන දිස්ත්‍රික්කවල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ, පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත් වර්ගයකින් වුව ද තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවයි.

    මේ අතර පාසල් සිසුන් ලක්ෂ 10කට මේ වනවිට ෆයිසර් එන්නත ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    Latest News