දින 5ට බූස්ටර් එන්නත් මාත්‍රා 408,898ක්

පෙබ 07, 2022

    පසුගිය දින පහ තුළදී මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 408,898ක් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

    ඒ අනූව සමස්තයක් ලෙස මේ වන විට බූස්ටර් එන්නත් මාත්‍රා 5,724,507ක් ලබාගෙන තිබේ.

    බූස්ටර් එන්නත මෙතෙක් ලබා නොගත් පුද්ගලයන්ට ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රධාන රෝහලකින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.

    Last modified on සදුදා, 07 පෙබරවාරි 2022 08:11

    Latest News