පසුගිය දින පහ තුළදී මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 408,898ක් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොරෝනා මර්දන වැඩසටහන යටතේ ඊයේ දිනයේ තවත් පුද්ගලයින් 63,560 දෙනෙකුට බූස්ටර් එන්නත ලබාදී තිබේ. ඒ අනූව බූස්ටර් එන්නත ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව විසි පන් ලක්ෂ 5,477 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අවුරුදු 20ට ඉහළ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා විදින සංකූලතා සහිත පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම අද (20) සිට ආරම්භ කිරීමට නියමිතයි.

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට 'කොවිඩ්-19' බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු හෙට (17) සිට ඇරඹේ. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි.

සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අසේල ගුණවර්ධන මහතා පවසයි.

Latest News