සමගි ජන බලවේගයේ උද්ඝෝෂණය ගැන අධිකරණය දුන් තීන්දුව

නොවැ 16, 2021

    සමගි ජන බලවේගය විසින් අද උද්ඝෝෂණයක් සිදු කරන්නේනම් එය සෞඛ්‍ය උපමාන වලට අනුකූලව සිදු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

    අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඊයේ කොටහේන පොලීසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබිණ.

    එම ඒක පාක්ෂික නියෝගයට එරෙහිව සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ කරුණු දක්වමින් එය ඉවත් කරන්නැයි ඉල්ලීම් කරනූ ලැබීය.

    අද දින දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම් දෙනිය මහතා ඊයේ දින නිකුත් කළ නියෝගය සංශෝධනය කරමින් උද්ඝෝෂණයක නිරත වන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන සෞඛ්‍ය උපමාන වලට අනුකූලව එය සිදු කළ හැකි බව නියෝග කළේය.

    Last modified on අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 10:36

    Latest News