මෙරට සිනමාව,කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට අනුමැතිය

නොවැ 16, 2021

    මෙරට සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    එම කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ අන්තර්ජාතික පිළිගැනීම ලබා ගැනීමට අවස්ථාව සැලසීම අරමුණයි.

    බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යවරයා ඒකාබද්ධවයි, එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ.

    මෙරට සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් නොකිරීමෙන් එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා දේශීය වෙළෙඳපොළකට සීමා වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 12:21

    Latest News