කොවිඩ් එන්නත වහාම ලබාගන්න...රජය දැනුම් දෙයි

අගෝ 07, 2021

    ලෝකයේ රටවල් රැසක මෙන්ම ශ්‍රී ලංකාවේත් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් පවතියි. සෑම පුද්ගලයෙක්ම රෝගයට ගොදුරුවීමේ අවදානමට මුහුණ පා සිටී.

    ආසාදිතයන්ගෙන් 1.5%ක් පමණ මරණයට පත්වෙති. වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදු වෙයි. මේ උවදුරට ගොදුරු නොවී සිටීමට නම් පහත සඳහන් උපදෙස් අකුරටම පිළිපදින ලෙස සෞඛ්‍ය බලධාරීන් තරයේ අවවාද කරයි.

    1. සියල්ලට පළමුව හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ගන්න. ලොව පුරා වැඩිම පිරිසක් දිවි බේරාගෙන ඇත්තේ කොවිඩ් එන්නත ගැනීමෙනි.
    2. අත්‍යවශ්‍යම කාර්යයකට මිස නිවසින් පිටතට නොයන්න.
    3. සෙනග ගැවසෙන මංගල,අවමංගල හා වෙනත් උත්සවවලට සහභාගීවීම සම්පූර්ණයෙන්ම නතර කරන්න.
    4. පොදු ස්ථානයකට යනවිට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින්න.
    5. කාමර,ශාලා,විදුලිසෝපාන,වාහන වැනි ආවරණ කළ ස්ථානවල සෙනග සමග ගැවසෙන්න එපා.
    6. විටින් විට සබන් යොදා දෑත් සෝදන්න
    7. අන්‍යයන් සමග මීටර දෙකකට වඩා දුරින් සිටින්න.
    8. නිදන්ගත රෝග ඇත්නම් රැකියාවට මිස නිකරුණේ නිවසික් පිටතට යන්න එපා.
    9. ඔබේ සහ ඔබේ ආදරණීයන්ගේ ජීවිත රැකගැනීම අන්‍යන්ට භාර නොදී ඔබේ වගකීම ඉටුකොට ඔබත් පවුලත් ආරක්ෂා වෙන්න.

    Latest News