පිටකොටුව පරණ යොන් වීදියේ ගින්නක් (වීඩියෝ)

අගෝ 07, 2021
  • පිටකොටුව පරණ යොන් වීදියේ ඩයමන්ඩ් ගොඩනැගිල්ලේ අද දහවල් 12.50ට පමණ ගින්නක් හටගෙන තිබේ.

    ගින්නෙන් මහල් දෙක මුළුමනින්ම විනාශ විය. කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය, කොළඹ වරාය ගිනි නිවන ඒකකය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන ඒකකය ගිනි නිවන රථ පහළොවක් පමණ යොදා ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කළේය.

    ගින්න යාබද ගොඩනැගිලිවලට යෑම වැළැක්වීම සඳහාත් එම ගොඩනැගිල්ලේ පහළ මහල් වලට ගින්න පැතිරීම වැළැක්වීම සඳහාත් ගිනි නිවන ඒකකය ක්‍රියා කරමින් සිටියි.

    ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වේල්ලවීදිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Latest News