නිවෙස් වෙත ගොස් එන්නත්ලබාදීම තවදුරටත්

අගෝ 07, 2021

    එන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇත.

    රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, මෙතෙක් එන්නත්කරණයට ලක්ව නොමැති එවැනි පිරිස් එන්නත් කරන්නැයි, සියලු ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

    රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ, තව ද අවුරුදු 30ට වැඩි පිරිස්වලින් තවමත් එන්නත ලබා ගෙන නොමැති නම්, වහාම ළඟම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත ලබා ගන්නා ලෙසයි.

    Latest News