මවුස්සාකැලේ ජලාශය අද සිට වරින් වර විවෘත කෙරේ; සැලකිලිමත්වන්නැයි ඉල්ලයි

අගෝ 02, 2021

    නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය අද සිට 14 දින දක්වා වරින් වර විවෘත කර තබන බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකය අවධාරණය කරයි.


    මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු (02) දින සිට (14) දින දක්වා වරින් වර විවෘත කර තබන බවට තමන්ව විදුලි බල මණ්ඩලය විසින් දැනුවත් කළ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
    මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කර තැබෙන වේලාවන්වල ජලාශ වේල්ලට පහලින් වු කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජල මට්ටම තරමක් වැඩි විය හැකි බැවින් ඒ පිලිබදව කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගගේ ජලය පරිහරණය කරන පුද්ගලයන් සැලකිල්ලෙන් සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටියි.
    පවතින අයහපත් කාලගුණයත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වි ඇත.

    Latest News