5 ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ නොවැම්බර් දක්වා කල් යයි (වීඩියෝ)

ජූලි 19, 2021
  • ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත ව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් දක්වා කල් දැමූ බව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවක දී, අමාත්‍යවරයා එම විභාග පැවැත්වෙන දින පිළිබඳ පැහැදිළි කළා.

    ඒ අනුව 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමටත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර තිබේ.

    මීට පෙර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව තිබුණි.

    Latest News