මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 200න් 200 ගත් සිසුන් 10ක් (වීඩියෝ)

නොවැ 16, 2020
  • මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වන ලකුණු 200 ලබා ගැනීමට සිසු සිසුවියන් 10 දෙනෙක් සමත්ව සිටිති.

    ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.

    5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව 331,741කි. ඉන් 326,264 දෙනෙකු විභාගයට පෙනී සිට ඇත.

    ලකුණු 200න් 200 ලබා ගැනීමට සමත් වූ සිසු සිසුවියන් 10 දෙනා...

    ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ සියනි විකම්පා කරුණාතිලක, ඇහැලියගොඩ ප්‍රාථමික විදුහලේ සෙනුදි දම්සාරා, තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන්, කෑගල්ල අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ සෙලිත් මයෝන්, මරදාන සහිරා විදුහලේ එම්. එස්. එම්. අම්මාර්, බණ්ඩාරගම ජාතික පසලේ හිනිද සස්මිත, ඉංගිරිය ශ්‍රී සුමනජෝති ප්‍රාථමික විදුහලේ දෙවිලි යසස්මි තිලකරත්න, පොලොන්නරුව සිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ එච්. එම්. තෙනුජ බණ්ඩාර, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ හෙයාරා යත්මිනි, ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ ජී. කේ. දොවිඳු තරින්ජිත් යන සිසු සිසුවියන් ලකුණු 200න් 200 ලබා ගැනීමට සමත් වී තිබේ.

    Last modified on සදුදා, 16 නොවැම්බර් 2020 20:07

    Latest News