සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන කාල වකවානු වෙනස් කිරීමට අනුමැතිය

මැයි 04, 2021

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

    එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමට නියමිතය.

    Latest News