තවත් ප්‍රදේශ දෙකක් හුදකලා තත්වයෙන් ඉවතට

ජූලි 20, 2021

    අද (20) උදෑසන 6.00 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබේ.

    ඒ අනුව මහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක එලෙස හුදකලා බව ඉවත් කළ බවයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ.

    ඒ අනූව, මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කර ඇත.

    Latest News