'මොඩර්නා' - තවත් අලුත් එන්නතක් ලබන සිකුරාදාට

ජූලි 13, 2021

    කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අමෙරිකාවේ සිට ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඒ අනුව එම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15න් 750,000කට පළමු මාත්‍රාව ලෙසත් මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවැනි මාත්‍රාව ලෙසත් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    Latest News