සීමා ලිහිල් කිරීමේ දී අවධානයෙන් WHO පවසයි

ජූලි 09, 2021

    කොරෝනා වංසගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ සීමා කිරීම් ලිහිල් කිරීමේ දී අවධානයෙන් ක්‍රියා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටියි.

    ගෝලීය වශයෙන් කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පැවතිය ද වසංගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති ලිහිල් කිරීම අවදානම් බවයි, එම සංවිධානය ගෝලීය ප්‍රජාවට දැනුම් දෙන්නේ.

    කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ගෝලීයව මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 40 ලක්ෂ 26,000 ඉක්මවා ගොස් තිබේ. නවතම වාර්තා පන්වා දෙන්නේ මේ දක්වා 18 කෝටි 63 ලක්ෂ 30,000කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇති බවයි.

    තවමන් ගෝලීය වශයෙන් වෛරසය ආසාධිත 8,000කට වැඩි පිරිසක් දෛනිකව මිය යමින් පවතින අතර 4 ලක්ෂ 50,000කට වැඩි සංඛ්‍යාවක් දෛනිකව රෝගී පිරිසට අලුතින් එක් වෙමින් සිටියි.

    වසංගත තත්වයේ අඩුවීමක් සංඛ්‍යාත්මකව පෙන්නුම් කළ ද දැනැට වාර්තා වන නව වෛරස ප්‍රභේද හේතුවෙන්,ගෝලීය වශයෙන් තවමත් කොරෝනා අවදානම පහව ගොස් නොමැති ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 09 ජූලි 2021 10:53

    Latest News