තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 78,390ක් අද අලුයම 02.26ට පමණ මෙරටට රැගෙනවිත් තිබේ.

කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3 - 5ත් අතර කාලය තුළ කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසට ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ වලට ඇතුළත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

අද (07) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,487ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,902 දෙදෙනෙකු අද (03) දිනයේ පිටව ගොස් තිබේ. 

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,517 දෙනෙකු හදුනා ගත් බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොරෝනා වංසගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ සීමා කිරීම් ලිහිල් කිරීමේ දී අවධානයෙන් ක්‍රියා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටියි.

ඊයේ දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 934 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරටින් දෛනිකව හඳුනා ගැනෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පහළ ගොස් තිබේ.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් විදුලි සේවාවල සහය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

Latest News