තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

ජූලි 09, 2021

    අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

    මේ අනුව අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස හුදකලා කර ඇත.

    අද උදෑසන සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර තිබේ.

    හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහත පරිදි වෙයි.

    මන්නාරම දිස්ත්‍රික්කය

    තලෙයිමන්නාරම පොලිස් බලප්‍රදේශයේ,
    තලෙයිමැනා ජැටිය බටහිර
    තලෙයිමැනා ජැටියා නැගෙනහිර

    කෑගල්ල දිස්ත්‍රික්කය

    මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ,
    හිඟුල් ඔය
    මහවත්ත

    Latest News