කොරෝනා; ලොව පුරා සෞඛ්‍යට දැඩි බලපෑම් - WHO

පෙබ 08, 2022

    කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා සෞඛ්‍ය සේවා දැඩි බලපෑමකට ලක්ව ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ඒ බව තහවුරු වී ඇත්තේ, ඉකුත් වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් මස දක්වා සිදුකරණ ලද සමීක්ෂණයකින්. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ රටවල රෝහල් පද්ධතියට අමතර පීඩනයක් එල්ලවී ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එම සංවිධානයේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ලොව පුරා රටවල් 129 ක එන්නත් වැඩසටහන් සහ ඒඩ්ස් වැනි රෝග සඳහා ප්‍රතිකාර කිරීම් ඇතුළු මූලික සෞඛ්‍ය සේවාවන්හි බිඳ වැටීම් 92% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඇතැම් රටවල පුනරුත්ථාපන හා රෝග නිවාරණ ප්‍රතිකාර වලට ද බාධා එල්ලවී තිබෙනවා. සමීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, පීඩනයට ලක්ව ඇති සෞඛ්‍ය සේවා පද්ධතීන් යථාතත්වයට පත්කිරීම සහ වසංගත බලපෑම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම මේ අවස්ථාවේ අතිශය වැදගත් බවයි.

    Latest News