අඩුම එන්නත්කරණය අප්‍රිකානු මහද්වීපයෙන්....

පෙබ 12, 2022

    කොවිඩ් වසංගතයේ දරුණුම අවදිය මේ වසර මැද වන විට අවසන් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරනවා.

    ඒ සඳහා ලෝක ජනගහනයෙන් 70% ක් එන්නත් ලබාතිබිය යුතු බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ.  මේ වන විට ගෝලීය ජනගහනයෙන් 54% ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිනවා. අඩුම එන්නත්කරණයක් වාර්තා වන්නේ අප්‍රිකානු මහද්වීපයෙන්.

    බොහෝ අප්‍රිකානු රටවල එන්නත්කරණය කර ඇත්තේ, 20%ක් පමණයි. එය රෝග පාලනයට බාධාවක් බව විශ්වාස කෙරෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර පෙන්වා දී තිබුණේ, රටක 60% කට වැඩි පිිිරිසක් එන්නත්කරණයට ලක් වුවහොත් වසංගතය පාලනය කළ හැකි වනු ඇති බවයි. අප්‍රිකානු කලාපයේ මොරොක්කෝව, ටියුනීසියාව සහ බොට්ස්වාන් යන රටවල් හැරෙන්නට අනෙකුත් රටවල 60% ක පිරිසක් තවමත් එන්නත්කරණයට ලක්ව නැහැ.

    Latest News