ඖෂධ අර්බුදයෙන් මිදීමට සහය දෙනවා; WHO - (වීඩියෝ)

මැයි 24, 2022
  • ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මේ වන විට මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය, අග්‍රාමාත්‍යතුමාට සහතිකවී තිබෙනවා.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග අද පැවති හමුවකදී ඇය සඳහන් කළේ, වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකාවේ මෙම අර්බුදය ලබන ජුලි හෝ අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි, තමන් විශ්වාස කරන බවයි.

    Latest News