වාද්දූව විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා 26 දෙනෙක්ට කොවිඩ්

ජූනි 30, 2021

    වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 දෙනෙක්ට ද එහි සිටි තවත් පුද්ගලයින් 4 දෙනෙක්ට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

    වාද්දූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, කොරෝනා ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිහි පුද්ගලයින් ඊයේ (29) රාත්‍රියේ  ශ්‍රී ලංකා යුද හමුදා බස්රථයකින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි.

    Last modified on බදාදා, 30 ජූනි 2021 12:32

    Latest News