දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙක් ඇතුළු 17 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබේ.

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද (17) දිනයට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොවිඩ් රෝගය ආසාදනය වී තිබේ.

සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා දිනයේ දී කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 99,470ක්. අමෙරිකාව තුළ කොරෝනා වසංගතය යළි උග්‍ර අතට පත්ව තිබේ.

යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පසුගිය 17 වැනිදා අහඹු ලෙස සිදුකළ පීසීආර් පරීක්ෂණ 47ක් අතුරින් පුද්ගලයින් 33 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසදනය වී තිබේ.

වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 දෙනෙක්ට ද එහි සිටි තවත් පුද්ගලයින් 4 දෙනෙක්ට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

'කොවිඩ් 19' රෝගය හා සම්බන්ධ ඉතා බරපතල තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙයි.

Latest News