කොවිඩ් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අගෝ 17, 2021

    පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම අද (17) දිනයට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ.

    එම තීරණය ගනු ලැබුවේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීය.

    ඒ අනුව අද(17) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එහිදි කොවිඩ් 19 තාවකාලික විධි විධාන පනත් කෙටුම්පත විවාදයට ගැනෙනු ඇති.

    අදින් පසු පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත තිබෙන්නේ, සැප්තැම්බර් 06වැනි සඳුදායි.

    Latest News