බස්නාහිර 60ට වැඩි පුද්ගලයින්ට අද සිට රෝහල්වලින් එන්නත

ජූනි 30, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා රෝහල්වල දී එන්නත් ලබාදීම අද ආරම්භ කෙරිණ.

    මෙහි දී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සිදු කෙරේ. ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 18ක, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 17ක සහ කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් 10ක එන්නත් ලබාදීම සිදු කෙරේ.

    රෝහල්වල දී පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා ජාතික හැඳුනුම්පත රැගෙන එන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබාදීම සිදුකෙරේ.

    Vax

    Last modified on බදාදා, 30 ජූනි 2021 12:30

    Latest News