රංගන ශිල්පිනී ශලනි තාරකාට කොවිඩ්

අගෝ 04, 2021

    ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොවිඩ් රෝගය ආසාදනය වී තිබේ.

    ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, තමා ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි.

    ඇය සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම මේ වන විට ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නොමැති බවයි, ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. 

    Shalani 900px 21 08 04

    Last modified on බ්‍රහස්පතින්දා, 05 අගෝස්තු 2021 08:20

    Latest News