දික්ඔය රෝහලේ වෛද්‍යවරු හතරක් ඇතුළු 17කට කොවිඩ්

අගෝ 20, 2021

    දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙක් ඇතුළු 17 දෙනෙකුට 'කොවිඩ් 19' වෛරසය අසාදනය වී තිබේ.

    වෛද්‍යවරුන් 04 , හෙදියන් 06 , කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකුට මෙලෙස කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති අතර ළඟම ආශ්‍රිතයින් විශාල පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

    පවත්නා තත්ත්වය හමුවේ රෝහලේ දෛනික කටයුතු වලටද බාධා පැමිණ ඇති බවයි, එම රෝහලේ වෛද්‍යවරයෙක් පවසන්නේ.

    දික්ඔය මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත්, එම තත්ත්වය මත කොවිඩ් රෝගීන් විශාල පිරිසක් ඇදන් නොමැතිව සිටින බවද එම වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 11:24

    Latest News