මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පහළට

ජූනි 26, 2021

    මෙරටින් දෛනිකව හඳුනා ගැනෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පහළ ගොස් තිබේ.

    ඊයේ මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව, 1876ක්. එය පසුගිය මැයි 8 වැනිදායින් පසු දෙදහසේ සීමාවට වඩා අඩු අගයක් වාර්තා වූ දෙවන අවස්ථාවයි.

    තවදුරටත් රෝහල් ගතව 32,444 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි. පූර්ණ සුවය ලැබූ 1843 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියේය. ඒ අනූව, සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පිරිස දෙලක්ෂ 14,668 දෙනෙකු බවට පත්ව තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉකුත් 24 වැනිදා සිදුව ඇති කොවිඩ් මරණ 48ක් ඊයේ තහවුරු කළේය.

    Last modified on සෙනසුරාදා, 26 ජූනි 2021 11:55

    Latest News