අරනායක තේ කර්මාන්තශාලාවක් වසාදැමේ

ජූනි 26, 2021

    අරනායක, අම්බලකන්ද ප්‍රදේශයේ තේ කම්හලකින් ආසාදිත පුද්ගලයන් රැසක් හමුවීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට කම්හල් පාලනාධිකාරිය හා සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

    මෙහි සේවය කරන පිරිසෙන් 50 දෙනෙක්ට කොවිඩ් - 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

    ඔවුන්ගේ ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කටයුතු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේය.

    ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් ප්‍රතිකාර සඳහා අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යවනු ලැබු බව ද ඔහු ප්‍රකාශ කළේය.

    Latest News