ඔබ කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් නම්..

අගෝ 08, 2021

    කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3 - 5ත් අතර කාලය තුළ කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසට ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ වලට ඇතුළත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 5 -7ත් අතර කාලයක් බවයි, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ.

    ආචාර්ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කරන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් PCR පරීක්ෂණයක් ද රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් ද සිදුකිරීම වැදගත් බවයි.

    එමෙන්ම, මෙය තමාගේ පෞද්ගලික මතය බවත් මෙරට කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ අඩංගු කරුණු නොවන බවයි අචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරන්නේ.

    Chandima Jiwandara

    Latest News