Highway එක තීරුවක් පමණයි

මාර් 14, 2024
    මධ්යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ප්රතිසංස්කරණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එය අද සිට දින 14 ක් ක්රියාත්මකයි.

    මෙලෙස ප්රතිසංස්කරණය කෙරෙන්නේ මධ්යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර 56.9 සිට කිලෝමීටර 57.4 දක්වා වන කොටසයි.

    ඒ අනුව, අදාළ කාලසීමාව තුළ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට වාහන ධාවනය කිරීමේදී කිලෝමීටර 56.2 කණුවට පෙර ඇති මධ්ය හදිසි දොරටුවෙන් කුරුණෑගල දෙස සිට මීරිගම දෙසට දිවෙන දකුණු මංතීරුවට පැමිණ, ගමන් කළ යුතු වනවා.
     
    එම කොටයේ ඉදිරියට ගමන් කර, කිලෝමීටර 57.4 පසුකර යන විට මධ්යයේ පිහිටි හදිසි දොරටුවෙන් නැවත නියමිත මංතීරුවට පැමිණ කුරුණෑගල දෙසට ගමන් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.
     
    පොලීසිය දැනුම් දෙන්නේ, අදාළ කාලසීමාව තුළ කුරුණෑගල සිට මීරිගම දක්වා ධාවනය කෙරෙන වාහනවලට ප්රතිසංස්කරණ ක්රියාත්මක කොටසේදී එක් මංතීරුවක් පමණක් භාවිත කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.

    Latest News