රු.මිලියන 72ක කේරළ ගංජා යාපනය මුහුදු තීරයෙන් හමුවෙයි

අප්‍රේ 29, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අප්‍රේල් 28 වැනි දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ඒවායේ වටිනාකම රුපියල් මිලියන 72 කට අධිකයි.

    මේවා පාර්සල් 105 ක් වශයෙන් ජාකොටුවක සූක්‍ෂම ලෙස සඟවා තිබිණ.

    නාවික හමුදාව ප්‍රදේශයේ සිදුකරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා ප්‍රමාණය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙලෙස ජාකොටුවක සඟවා තබන්නට ඇතැයි සැක කෙරේ.

    අනතුරුව මෙම කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට කටයුතු කෙරිණ.

    Latest News