එන්නතේ 2වැනි මාත්‍රාව අදත් 800 දෙනෙක්ට

අප්‍රේ 29, 2021

    කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ යටතේ, දෙවැනි මාත්‍රාව ලබාදීම ද දිවයින පුරා ක්‍රියාත්මකයි.

    කොරෝනා මර්දන වැඩසටහන යටතේ කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම කොළඹ ඩාලි පාරේ ප්‍රජා ශාලාවේ දී සිදු කෙරිණ. මෙහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත් කරණය සිදු කෙරුණේ දෙවැනි දිනටයි. එහි පළමු දිනය වූ ඊයේ 500කට ආසන්න පිරිසකට එන්නත ලබා දී තිබේ. අද 800කට පමණ එන්නත ලබාදීමට නියමිතයි.

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ්-19 වෛරසයට එරෙහි ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සිදු කෙරිණ.

    කොරෝනා තෙවැනි රැල්ල පැතිරයන අවස්ථාවේ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීමට හැකිවීම වැදගත් වන අතර ඉදිරි දින කිහිපයේ ද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බවයි, රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. මේ අතර, ජනවාරි 29 වැනිදා සිට අප්‍රේල් 15 දක්වා මෙරට සංවර්ධන කටයුතු සඳහා ශ්‍රි ලංකාවට පැමිණ සිටි චීන ජාතිකයන් නව ලක්ෂ 25,242 දෙනෙකුට කොවිෂීල්ඩ් සහ සයිනොෆාම් එන්නත් ලබා දී තිබේ.

    ඉන් 2469 දෙනෙක් ලබාගෙන ඇත්තේ, සයිනොෆාම් එන්නතයි. ඉකුත් 27 වැනිදා සිට මේ දක්වා චීන ජාතිකයන් 1693 දෙනෙකු සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

    Latest News