යාපනය වෙරළ තීරයේදී කෝටි දෙකක ගංජා අල්ලයි

අගෝ 20, 2022

    රුපියල් දෙකෝටි හැත්තෑලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් ඊයේ නාවික හමුදාව බාරයට ගැනුණා. 

    ඒ, යාපනය මාදගල් සවුක්කාඩි වෙරළ ප්‍රදේශයේදී. 

    උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සවුක්කාඩි වෙරළ ජාකොටුවක් පරීක්ෂා කිරීමේදී පාර්සල් 40 ක අසුරන ලද ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. 

    ගංජා කිලෝග්‍රෑම් 94 ක් පමණ එහි තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ‍.

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 15:20

    Latest News