මහජන බැංකුවේ ශාඛා 22ක් අද වැසේ

අප්‍රේ 29, 2021

    පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහජන බැංකු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 22ක් අද (අප්‍රේල් 29) දින වසා තැබෙන බව එම බැංකුව නිවේදනය කරයි.

    මහජන බැංකුව සිය නිල ෆේස්බුක් ගිණුම හරහා තම ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ බව සඳහන් කර තිබේ.

    ඒ අනුව පහත දැක්වෙන මහජන බැංකු ශාඛා සහ මධ්‍යස්ථාන අද වසා තැබේ.

    බදුල්ල දිස්ත්‍රික්කය – කැප්පැටිපොළ ශාඛාව

    කොළඹ දිස්ත්‍රික්කය – කටුබැද්ද ශාඛාව, සොයිසාපුර සේවා මධ්‍යස්ථානය සහ නාවල සේවා මධ්‍යස්ථානය

    ගම්පහ දිස්ත්‍රික්කය – කොටදෙණියාව ශාඛාව හම්බන්තොට දිස්ත්‍රික්කය – කුඩාවැල්ල ශාඛාව, හම්බන්තොට ශාඛාව සහ සයුරුපාය සේවා මධ්‍යස්ථානය

    මහනුවර දිස්ත්‍රික්කය – පිළිමතලාව ශාඛාව සහ හතරලියැද්ද ශාඛාව

    කෑගල්ල දිස්ත්‍රික්කය – රඹුක්කන ශාඛාව

    කුරුණෑගල දිස්ත්‍රික්කය – නාරම්මල ශාඛාව, මාකඳුර ශාඛාව, කොබෙයිගනේ ශාඛාව, බින්ගිරිය ශාඛාව, නිකවැරටිය ශාඛාව, කටුපොත සේවා මධ්‍යස්ථානය, බොරලුවැව සේවා මධ්‍යස්ථානය සහ පන්නල සේවා මධ්‍යස්ථානය මාතර දිස්ත්‍රික්කය – ගන්දර ශාඛාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – කන්තලේ ශාඛාව සහ මොල්ලිපොතාන සේවා මධ්‍යස්ථානය

    Latest News