කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් ගැන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

අප්‍රේ 24, 2021

    කොවිඩ් -19 වෛරසයේ 3 වැනි අවදානම් මට්ටම මත පදනම්ව ලබන 31 වැනිදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳව නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මෙම විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

    මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් භෞතික දුරස්ථභාවය, රැස්වීම් නොපැවැත්වීම, අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වැලකි නිවස තුල රැඳී සිටීම, යහපත් ශ්වසන ආචාර විධි පැවැත්වීම, අත්නිසිලෙස පිරිසිදු කිරීම, මුහුණු ආවරණය භාවිතා කිරීම, යනාදී කරුණු මෙහිදී ජනතාවට දැනුම් දී සිටියි.

    මේ වන විට මෙරට කොවිඩ් වසංගත තත්ත්වයේ තෙවන අදියරේ පවතින බවට මෙම නිවේදනයේ සඳහන් කර තිබෙන අතර, දිස්ත්‍රික්ක තුල කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබේ.

    නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ :

    1619179744 covid list 01

    1619180180 covid list 02

    1619180404 covid list 03 1

     

    Latest News