තවදුරටත් රට විවෘත කිරීමට අදාළව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

ඔක් 16, 2021

    2021 ඔක්තෝබර් 16 වැනිදා සිට 31 දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කර තැබීමට අදාළව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා දැඩිව ක්‍රියාත්මකයි.

    නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල අනූව දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා අවසර හිමි නොවේ.

    එමෙන්ම, නිවාසවලින්, නවාතැන්පොළවලින් පිටව යා හැක්කේ රැකියා සඳහා සෞඛ්‍ය අවශ්‍යතා සහ අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ මිලදී ගැනීමට පමණි.

    ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.

    New Health Guidelines01

    New Health Guidelines02

    New Health Guidelines03

    New Health Guidelines04

    New Health Guidelines05B

    New Health Guidelines06

     

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 11:01

    Latest News