ගතවූ පැය 24ට එක් කොවිඩ් මරණයක් පමණයි

මාර් 15, 2021

    ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 307 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 25 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඉතිරි පුද්ගලයින් 282 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 50 ක් ලෙසය. ඊට අමතරව, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 136 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    අද (15) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 84,000 ක් වේ. ඉන් පුද්ගලයින් 83,218 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    අද (15) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 87,906 ක් වන අතර ඉන් පුද්ගලයින් 84,647ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,732 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 395ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙකු මියගොස් ඇත. ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (15) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 527ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද (15) දිනයේදී ත්‍රිවිද හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 106ක් තුළ පුද්ගලයින් 10,370 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (14) දිනය තුල PCR පරික්ෂයණ 6,918 ක් සිදුකර ඇත.

    Latest News