සරසවි සිසුන්ට ළඟම පිහිටි සරසවියෙන් එන්නත් පහසුකම්

ඔක් 11, 2021

    විශ්වවිද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවලදී අද (11) සිට ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.



    එම එන්නත්කරන කටයුතු සිකුරාදා දක්වා සිදු කෙරෙන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට තමන් පදිංචිව සිටින ස්ථානයට ආසන්නයේම පිහිටි විශ්වවිද්‍යාලය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත් ලබාගත හැකිය.

    දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමුකරන කණ්ඩායම් මගින් මෙම එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන බව ද වාර්තා වෙයි.

    Latest News