විශ්වවිද්‍යාල සිසුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවලදී අද (11) සිට ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

එන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇත.

කොව්ඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා අසූ හතර ලක්ෂ 39,469ක් ජනතාවට ලබා දී තිබේ.

ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 307 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 25 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

අමෙරිකාන ජනතාවට එන්නත් ලබාදීමේ වැඩසටහන හෙට ආරම්භ කෙරේ. එන්නත් මාලා මිලියන 3ක් ප්‍රථම අදියර යටතේ ලබාදීමට නියමිතයි.

Latest News