දහම්පාසල් යළි ආරම්භ කිරීමට ගැන නිවේදනයක්

ජන 06, 2021

    'කොවිඩ් -19' වසංගත තත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනූව දැනට හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කිරීමට තීරණය කර ඇත.

    රජයේ පාසල් විවෘත කරන ජනවාරි 11වැනි දිනෙන් පසු එළඹෙන 17 වැනි ඉරිදා සිට යළි දහම් පාසල් ආරම්භ කෙරෙන බව දැනුම් දෙයි.

    Latest News