තණමල්විල ගංජා හේනක් වටලයි

දෙසැ 25, 2020

    ගුවන් හමුදාව හා ‍පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකින් තණමල්විල,ගල්කොටුකන්ද ප්‍රදේශයේ ගංජා හේන් තුනක් සහ ගංජා පැල තවානක් සොයාගෙන තිබේ.

    මෙම ගංජා හේන් තුනෙනි උස අඩි හතරත් හයත් උසකින් සරුවට වගා කර තිබූ ගංජා ගස් විසිදහසකට වඩා තිබී ඇති අතර ගංජා පැල තවන් වල ගංජා පැල අනූදහසකට වඩාතිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසයි.

    එම ගංජාවල වටිනාකමක රුපියල් කෝටි දෙක ඉක්මවන බවයි, නිලධාරීන් පවසන්නේ. සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කෙරිණ.

    වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් සහ වීරවිල ගුවන් හමුදා කදවුරේබුද්ධි අංශ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News