තණමල්විල, ගංජා හේනක් වටලයි

අගෝ 14, 2023

    තණමල්විල, බලහරුව ප්‍රදේශයේ සිදු කෙරුණු වැටලීමකදී ගංජා හේනක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    ඒ, තණමල්විල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින්. ගංජා පැල 5700 ක් පමණ එහි වගා කර තිබූ බවයි වාර්තා වන්නේ.  ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20 කට ආසන්න බව පොලීසිය පවසනවා. 

    සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 51 ක පුද්ගලයෙක්.  ගංජා හේන ගිනිතබා විනාශ කිරීමට පොලීසිය පියවර ගත් අතර, සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

    Last modified on සදුදා, 14 අගෝස්තු 2023 08:53

    Latest News