රු.මිලියන 130ක කේරළ ගංජා තොගයක් අල්ලයි

සැප් 14, 2022

    රුපියල් මිලියන 130 ක පමණ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දස දෙනෙකු වයඹ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ සවස මෙහෙයුම සිදු කර ඇත්තේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි.

    සැකකරුවන්ගෙන් පස් දෙනෙකු ඉන්දීය ජාතිකයන්. කේරළ ගංජා කිලෝ 434 ක් රැගත් යාත්‍රාවක් සමග එහි සිටි එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව පවසන්නේ, එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන මෙරට ධීවර යාත්‍රාවක් සමග ශ්‍රී ලාංකික සැකකරුවන් ප‍ස්දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

    කේරළ ගංජා තොගය උර 9 ක බහා තිබූ අතර, එම යාත්‍රාව සමග පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ලංකාවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී.

    කේරළ ගංජා තොගය සමග සැකකරුවන් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර, මූලික විමර්ශනවලින් අනතුරුව, ඔවුන් ඉදිරි නෛතික කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත බාර දීමට නියමිතයි.

    Latest News