කෘතිම ගංජා තොගයක් අත්අඩංගුවට

ජූලි 28, 2023

    කෘතිම ලෙස සකස් කෙරුණු ගංජා තොගයක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී.

    ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදු කළ පරීක්ෂාවකදී ඒවා සොයා ගැනුණා. එම මත්ද්‍රව්‍ය තොගය හොංකොං සිට ඩුබායි හරහා එවා ඇති බවටයි අනාවරණය කර ගැනුණේ. ගංජා තොගය රැගෙන යාම සඳහා ගුවන් තොටුපොළට තිදෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම ජාවාරමට සම්බන්ධ තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී ඇම්පටමයින් නමැති මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

    Latest News