තණමල්විල, වැල්ලවාය මාර්ගයේ බලහරුව මංසන්ධියේ පිහිටා ඇති එළවළු තොග වෙළෙදසැලකට ඇතුළු වූ ගිනිඅවියක් සහ කඩුවක් ගත් කොල්ලකරුවන් පිරිසක් එහි සිටි අය බිය ගන්වා පහර දී මුදල් සහ රන් ආභරණ පැහැරගෙන ගොස් තිබේ.

වැල්ලවාය,තණමල්විල මාර්ගයේ කිවුල්ආර ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් කුඩා දරුවෙක් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා තිබේ.

තණමල්විල, නාලියවනය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී අක්කර ප්‍රමානයේ භූමි ප්‍රදේශයක සරුවට වගා කර තිබූ ගංජා හේනක් වටලා තිබේ.

ගුවන් හමුදාව හා ‍පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකින් තණමල්විල,ගල්කොටුකන්ද ප්‍රදේශයේ ගංජා හේන් තුනක් සහ ගංජා පැල තවානක් සොයාගෙන තිබේ.

තණමල්විල ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් ඊයේ (6) කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා තිබේ.

තණමල්විල,බලහරුව සූරියගොඩ ප්‍රදේශයේ දී ගංජා වගාකර තිබූ හේනක් ඊයේ වටලනු ලැබීය.  ඒ මොණරාගල විශේෂ පොලිස් එක්කය විසින්. 

Latest News