රුසියානු සංචාරකයින් මෙරටට පැමිණීම අවලංගුයි

දෙසැ 25, 2020

    රුසියානු ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට ධනවතුන් 200 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා හෙට දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබිණ.

    යුරෝපය පුරා හදිසියේම පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා මෙම ගුවන් ගමන අවලංගු කර ඇති බව වාර්තා වේ.

    එහෙත් මෙම රුසියානුවන්ගෙන් ශ්‍රී ලංකා සංචාරය තවත් දින කීපයක් පසුවීමෙන් ක්‍රියාත්මකවීමට නියමිත බව පැවසේ.

    Latest News