සුඛෝපභෝගී මෝටර් රථයෙන් මතු වූ ගංජා

ජූලි 17, 2023

    සුඛෝපභෝගී මෝටර් රථයක් යොදාගෙන ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විශේෂ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

    විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම කඳවුර ඉදිරිපිට මාර්ගයේ කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගැනුණා.

    එම වාහනසේ සඟවා තිබූ වියලි ගංජා කිලෝ 4 ක් පොලිස් බාරයට ගැනුණා.

    සැකකරු කුරුවිට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙක්.

    Latest News